30.6 C
Colombo
Monday, July 7, 2025

“සුදු වෑන්” මාධ්‍ය සාකච්ජාවට පැමිණි දෙදෙනා CID අත්අඩංගුවට…

Published:

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ සුදු වෑන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් වූ මාධ්‍ය සාකච්ජාවට සහභාගිවූ පුද්ගලයින් දෙදෙනා මහර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජය නම් වූ මෙම පුද්ගලයින් දෙදෙනා ඉකුත් නොවැම්බර් මාසයේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ජාවකට සහභාගී විය.

ඉකුත් සමයේ ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් රථයක රියදුරෙක් ලෙස කටයුතු කළ බවට එක් පුද්ගලයෙක් හදුන්වා දුන් අතර අනෙක් පුද්ගලයා සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට ලක්වූ අයෙක් බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේ හදුන්වා දෙනු ලැබුවා.

මෙම මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් ඉකුත්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් සදහන් කර සිටියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පැවැත්වූ මෙම ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img