29.5 C
Colombo
Sunday, July 6, 2025

රුවන්වැලි මහා සෑය මත තැන්පත් කෙරුණු රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද නිරාවරණය කෙරිණි

Published:

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ මත තැන්පත් කිරීම සිදුවූයේ ඊයේ පස්වරුවේදී ය.

රනින් නිමවා මැණික් එබ්බ වු පාදමක් සහිත එම චූඩා මාණික්‍යය ඊයේ පස්වරු 6.00 යෙදුණු සුභ මොහොතින් රුවන්වැලි මහා සෑය මත තැම්පත් කෙරුණේ ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් ය.

දුර්ලභ පළිඟුවක් යොදා ගනිමින් මෙම නව චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ, ඔස්ට්‍රියානු සමාගමක් විසිනි.

රන් පාදම සහිත සහිතව එහි බර කිලෝග්‍රෑම් 60 කට අධික ය.

ස්වාභාවික නිල්මැණික්, රතු මැණික් ගල් 5320 යොදාගනිමින් පිරිසිදු රත්‍රං කිලෝග්‍රෑම් 28කින් යුක්තව නිමකළ මෙහි පාදමෙහි උස අඩි 3කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img