27.2 C
Colombo
Monday, July 7, 2025

බදු වර්ග කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ

Published:

උපයන විට ගෙවීමේ බද්ද ඉවත් කිරීම, වැට් බද්ද අඩු කිරීම ඇතුළු බදු සහන ගණනාවක් රජය අද නිවේදනය කළේ ය.

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දුද සැලකිල්ලට ගනිමින් නව සහන වැඩ පිළිවෙළක් එහිදී අනුමත කර ඇති අතර සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ හා බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු අද එම සහන නිවේදනය කළහ.

මේ අනුව ගෘහස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදන මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

ආර්ථික සේවා ගාස්තු , බැංකු හා මූල්‍ය ආයතන මත පැනවෙන හර බද්ද හා කොටස් වෙළදපොළ මත පැනවෙන ප්‍රාග්ධන ලාභ මත වන බද්ද අහොසි කර තිබේ.

උපයන විට ගෙවීමේ ආදායම් බද්ද හා ණය සේවා බද්ද ඉවත් කිරීමට ද අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද නිවේදනය කළේ, සියලු භාණ්ඩ හා සේවා මත අයවන වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු , ඒකාබද්ධ කර බදු ප්‍රතිශතය අඩු කිරීමට ද තීරණය කර ඇති බවයි..

මේ අතර පුණ්‍යායතන හා ආගමික ස්ථාන සියලු බදුවලින් ඉවත් කිරීමට තීරණ කර තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් උපයන මුදල් සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීම නව බදු සංශෝධනවලට ඇතුළත් ය.

විදුලි සංදේශ බද්ද 25% කින් පහත දැමීමට ද තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img