27.8 C
Colombo
Sunday, March 1, 2026

අලි කමේනිගේ මරණයට එරෙහි විරෝධතාවලදී පාකිස්ථානයේ 9 ක් මරුට

Published:

ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයට එරෙහි ව පාකිස්තානයේ කරච්චි නුවර පවත්වන ලද විරෝධතාවකදී විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින්, කරච්චිහි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයට ගල් ප්‍රහාර එල්ල කර එහි ජනේල වීදුරු බිඳ දමා ඇති අතර, පරිශ්‍රයේ ඇතැම් ස්ථානවලට ගිනි තැබීමට ද කටයුතු කර ැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පාකිස්තාන පොලිසිය සහ අතුරු හමුදා කණ්ඩායම් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එම ගැටුම්වලදී අවම වශයෙන් විරෝධතාකරුවන් 9 ක් මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ ෂියා මුස්ලිම් බැතිමතුන් වීදි බැස දැවැන්ත විරෝධතාවල නිරත වී තිබෙනවා.

සිරිනගර් නුවරට අමතර ව කාශ්මීරයේ අනෙකුත් ප්‍රදේශවල සහ ඉන්දියාවේ ෂියා මුස්ලිම් ජනතාව බහුල ව වෙසෙන සෙසු නගරවල ද මෙවැනි විරෝධතා රැලි පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,291FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img