25.2 C
Colombo
Tuesday, January 20, 2026

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා

Published:

වෘත්තීය සමිතිවල ඉල්ලීම් නොසලකා හරිමින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළහොත් ඊට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට තීරණය කළ බව ලංකා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

විදුලිබල පනත ක්‍රියාත්මක වන දිනය ගැසට් මඟින් ප්‍රකාශ කිරීමේ බලය තිබෙන්නේ විදුලිබල අමාත්‍යවරයාට බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි උප සභාපති වී. නන්දන උදය කුමාර සඳහන් කළේ.

ඒ අනුව, අමාත්‍යවරයා විසින් මීට පෙර වෘත්තීය සමිති සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී නියමිත දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර ඉටු කිරීමට පොරොන්දු වූ කාරණා ඉටු කිරීමකින් තොරව මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.

සිය ඉල්ලීම් 08 සඳහා සාධාරණක් ඉටු වීමට පෙර ගැසට් පත්‍රය මඟින් අදාළ දිනය ප්‍රකාශයට පත් කළහොත්, එය අවලංගු කරන තෙක් විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් වැඩ වර්ජනයට යාමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img