දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියෝග කළා.
ඒ අනුව, මෙම අභියාචනා පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දු හට බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් නියම වුණා.
එම දඬුවමට එරෙහිව මොවුන් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.



