අද දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක මට්ටම පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඒ අනුව, ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන් මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර මෙම දිනවල වායු ගුණත්මකභාවය පහළ මට්ටමක පවතින බවත් ඉදිරි දින දෙක තුළ එම තත්ත්වය පහව යනු ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය ද සඳහන් කළා.
එමෙන්ම පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
පවතින ශීත වියළි කාලගුණයත් සමඟ උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත් වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බවයි සෞඛ්‍ය ංශ පෙන්වා දෙන්නේ.
දින තුනකට වඩා මේ රෝග ලක්ෂණ පවතින්නේ නම් සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වන්නේ නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද වෛද්‍යවරුන් පවසනවා.



