30.6 C
Colombo
Monday, January 19, 2026

නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනය යළි ඇරඹෙයි

Published:

තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ වෛද්‍ය වර්ජනය අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල යළි ක්‍රියාත්මක වන බවයි එම සංගමය පැවසුවේ.

ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා.

අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු එම ධුරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය අඟහරුවාදා දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img