29 C
Colombo
Sunday, January 18, 2026

යුරෝපා රටවලට ට්‍රම්ප්ගෙන් 10%ක අමතර තීරු බද්දක් – යුරෝපා නායකයින් තීරණය හෙළා දකී

Published:

එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට නව තීරුබදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක තීරු බද්දක් පැනවෙනු ඇති.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවකට එළැඹෙනතාක් මෙම තීරුබද්ද ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම 2026 ජුනි 01 දින සිට මෙම තීරු බද්ද 25%ක් දක්වා ඉහළ දමන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය යුරෝපා නායකයින් හෙළා දැක තිබෙනවා.

එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් සඳහන් කර ඇත්තේ මෙම පියවර සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එය පිළිගත නොහැකි තීරණයක් බවත් පවසා ඇති අතර යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා පවසා ඇත්තේ යුරෝපා සංගමය සැමවිටම ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමේදී ඉතා ස්ථීරව සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img