ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබෙනවා.
අතීතයේ සිදුකර ඇති ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ අධිකරණමය නෛතික ව්‍යුහයක් තුළ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමට රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.
ලංකාවේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනය වර්තමානයේ දැඩිව සිදුවෙමින් පවතින අතර, එමෙන්ම එවැනි සිදුවීම්වලට මුහුණදෙන වින්දිතයින් ඒවා නිහඬව විඳදරා ගනිමින් සිටින බවද එහි සඳහන්.
ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳව කටයුතු කිරීමට නෛතික රාමුවක් තිබීම අනිවාර්යය බවද සඳහන් කර ඇති එහි වින්දිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය අරමුණක් විය යුතු බවට ද අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය බොහෝ දුරට විසඳා නොමැති බවත්, දිවි ගලවා ගත් අයට, පිරිමින්ට සහ කාන්තාවන්ට, දිගු කලක් පුරා යුක්තිය අහිමි වී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන්.
“අපට සියල්ල අහිමි විය – යුක්තිය සඳහා බලාපොරොත්තුව පවා” යන මාතෘකාව යටතේ, මෙම අනාවරණය සිදුකර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් දශකයක කාලයක් පුරා සිදුකළ නිරීක්ෂණය කිරීම් මත පදනම්වයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.



