30 C
Colombo
Tuesday, January 13, 2026

සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය රජයේ වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බව ජනපති කියයි

Published:

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවයි.

ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට මුහුණදීමට රටට සිදුවු නමුත් ඒ තුළින් රජයට කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

පවුල් ලක්ෂ 7ක පුද්ගලයින් ලක්ෂ 24ක් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු ව්‍යසනයේ ගොදුරු බවට පත්වූ අතර, නිවාස 6,000ක් පමණ අහිමි වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදුවු අතර, නිවාස හානි සිදුනොවුණත් ජනතාවට අවදානම් තත්ත්වය තුළ ඉවත්වීමට දැනුම් දී ඇති නිවාස 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවද කියා සිටියා.

පුරවැසියන් විසින් ලබාදී ඇති ජනවරමට තමා යටත්වී ඇති බවත් ඒ නිසාවෙන් කිසිදු බලපෑමකට ඒ ජනවරම පාවා නොදෙන බවත් පැවසු ජනාධිපතිවරයා ව්‍යසනය වෙනුවෙන් වියදම් කිරීමට පමණක් රු බිලියන 500ක ඇස්තමේන්තුවක් සම්මත කරගත් බවද පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img