24.5 C
Colombo
Tuesday, January 13, 2026

අල්ලස් චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

Published:

කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරුවෙකුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන, ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිමය කටයුතු කිරීමට අල්ලස් ලෙස රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා, එම මුදල වෙනත් අයෙකු මාර්ගයෙන් ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (31) සවස මෙම උප පොලිස් පරීක්ෂකවරයා කින්නියා පොලිස් ස්ථානය තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img