2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ, තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් වූ බව නව වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ලාංකීය පොදු මහ ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් වූ දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට, මහජනතාවට අවංකව සේවය කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මෙන්ම, අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මුදවා ගැනීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් 2025 වසර මෙරට දේශපාලන සහ සමාජ පරිවර්තනයක හැරවුම් වසරක් ලෙස සනිටුහන් වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
නව වසරක උදාව අපට ගෙවී ගිය වසරේ අත්දැකීම් සමාලෝචනයට අවස්ථාව සලසා දෙන අතරම, නව වසර ගැන සුබවාදී ආකල්පවලින් යුතුව යළි සැලසුම් කරන්නට අවස්ථාවක් උදා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කරන්නේ.



