චීනයේ බීජිං හි පැවැත්වෙන ‘කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025’ සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේනවා.
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර, අද සිට ලබන 15 වනදා දක්වා එරට රැදී සිටිනු ඇති.
මෙම සංචාරයේ දී ජාත්‍යන්තර කාන්තා සමුළුවට අමතරව අග්‍රාමාත්‍යවරිය විසින් චීන සමූහාණ්ඩුවේ ඉහළ පෙලේ රාජ්‍යතන්ත්‍රිකයන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.