බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ A, C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයා ගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ, බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී එම ජංගම දුරකථන තොගය සොයාගත් බවයි.
ජංගම දුරකථන සොයාගත් වාට්ටු තුල ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.