24.5 C
Colombo
Tuesday, January 13, 2026

ඉතිහාසයේ පළමු වරට රන් අවුන්සය ඩොලර් 4,000 ඉක්මවයි

Published:

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගියා.

මේත් සමඟ ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙසයි දැක්වුණේ.

මෙරට රන් මිල ද අද (08) දිනයේ රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආර්චිමාර්ග පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේ රු 290,500ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රු 296,000 දක්වා ඉහළ ගිය අතර ඊයේ (07) දිනයේ 314,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද රු 320,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රන්මිල මේවන විට 1970 දශකයෙන් පසු වේගවත්ම වර්ධනය පෙන්නුම් කරනවා.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා රත්‍රං මිල 50%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img