ඇමරිකානු රජය වසා දැමීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් 6,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ඇතැම් ගුවන් තොටුපළවල් තාවකාලිකව වසා දමා ඇති බවද සඳහන්.
සඳුදා දින නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ ඩෙන්වර් අවට ප්‍රධාන ගුවන් තොටුපළවලට කාර්ය මණ්ඩල හිඟය බලපා තිබෙනවා.
ලොස් ඇන්ජලීස්හි හෝලිවුඩ් බර්බෑන්ක් ගුවන් තොටුපළේ ගුවන් ගමනාගමන පාලන පහසුකම කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් සඳුදා පස්වරුවේ සිට සවස්වන තුරු සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවටයි වාර්තා වෙන්නේ.
රජය වසා දැමීමේදී අනෙකුත් රජයේ සේවකයන්ට නිවාඩු ලබා දෙන අතර, ගුවන් ගමනාගමන පාලකවරුන් අත්‍යවශ්‍ය සේවකයන් ලෙස සලකනු ලබන බවත්, වැටුප් නොමැතිව දිගටම සේවය කළ යුතු බවත්, සඳහන්.