23.9 C
Colombo
Tuesday, January 13, 2026

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

Published:

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර දී පොලීසිය වෙඩි තබා තිබෙනවා.

කතරගම මාතර මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ දී මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙසට සංඥා කර තිබෙනවා.

එම අණ නොතකා මෝටර් රථය ධාවන කළ මොහොතේ පොලිස් නිලධාරීන් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

නොනවත්වා ධාවනය වූ මෝටර් රථය රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රය ආසන්නයේ ඇති තාප්පයක් සහ මාර්ග සංඥා පුවරු යටකර මාතර දෙසට ධාවනය කරමින් තිබූ අතර මැදවත්ත ජනරාජ මාවතෙන් මෝටර් රථය හරවා පලා යාමට උත්සහ දරා තිබෙනවා.

මෝටර් රථයේ පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img