24.5 C
Colombo
Tuesday, January 13, 2026

නිල සංචිතවල වර්ධනයක්

Published:

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 1.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණා.

එය සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගතයි.

එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img