23.9 C
Colombo
Tuesday, January 13, 2026

සත්තු වත්තේ පරෙවියන් 32 ක් සොරකම් කරයි

Published:

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

පසුගිය 4වෙනිදා රාත්‍රී කාලයේ සිදුව ඇතැයි පැවසෙන මෙම සොරකම සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට පැමිණිලි කළ බවයි ඔහු සඳහන් කළේ.

සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කරගෙන ඇති බවත් මෙම පරෙවියන් අධිකරණ නියෝගයක් යටතේ නඩු භාණ්ඩ වශයෙන් දෙහිවල සත්තු වත්තේ සිටි පරෙවියන් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව හෝ කිසිවක් හෙළි වී නොමැති බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img