සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් හෙළි වු තොරතුරු මත අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා දින 07ක් රඳවා තබා ගෙන විමර්ශනය කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබෙනවා.
විදෙස් ගතව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවු තොරතුරු මත ඔහුගේ මස්සිනා පසුගිය පළමු වැනිදා පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදි සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨසය වෙත භාරදී තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි මිද්දෙණිය වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තොල් අවියක්, පතරොම් 01ක් සහ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයා ගෙන තිබෙනවා.




Heard some good things about jilipg. Gonna check out their slots and see if they’re as good as everyone says. Always looking for a new favorite! jilipg
Phenjoy, not my usual jam, but it’s alright. I could say I had better, yet it is totally passable and might suit one’s needs. Give it a look: phenjoy