ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා.
ඒ අනුව 2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයෙන් අල්ලා ගත් ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාදීමට හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා.
ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට ද ඒ අනුව නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත්කරමින් සඳහන්කර ඇත්තේ සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (3) සිය Truth අවකාශයේ සටහනක් තබමින් හමාස් සංවිධානය අනතුරු අඟවා සිටියේ, එළඹෙන ඉරිදා (හෙට) ග්‍රිනිජ් වේලාවෙන් 22පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6 වනවිට තම සාම සැලැස්මට එකඟවිය යුතු බවයි.
මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස්කිරීමට මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් තුළ භාරදීමට යෝජනා කර තිබුණා.
ඒ වෙනුවෙන් ඊශ්‍රායලය භාරයේ සිටි ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කරගැනීමට ද නියමිතයි.
එම එකඟතාවයට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගතහැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බව ට්‍රම්ප් අවධාරණයකර තිබුණා.
කෙසේ නමුත් ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වන හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත්, ගාසා පාලනයෙන් ඉවත්විය යුතු බවත් වන යෝජනාවන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව සඳහන්.




Aog777apps – alright, worth checking out. It works and is very smooth! Easy recommendation. –> aog777apps
Downloaded Jili17LoginDownload and got right into playing. The download was smooth and setup was easy. Definitely worth checking out if you’re on the go. jili17logindownload
Xosodalat, you say? Is this the lottery then? If that is what you are after, then give it a shot, yeah? See here xosodalat.
Spotted f168n.com? Could be a game, gambling site or something else! Worth doing some research before slapping your card down yeah! Check it out at f168n.com.
Bhtclubofficialwebsite, eh? Official websites can be alright just make sure you aren’t being scammed! Look into it bhtclubofficialwebsite.