24.5 C
Colombo
Wednesday, November 26, 2025

ප්‍රදේශ රැසකට අද සවස වැසි

Published:

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එබැවින් ඒ සමග ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගන් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img