2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (3) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙලෙස අධි චෝදනා ගොනුකිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තමිම් රහ්මාන් නැමැත්තාටයි.
මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ අද (3) කැඳවනු ලැබූ අතර, තමිම් රහ්මාන් නැමැත්තාද අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල එළැඹෙන දෙසැම්බර් 5 වනදා කැඳවීමට නියම කළා.




Started playing on 69win1 a while ago. Nothing that wows me, but it gets the job done. A solid place to unwind after work. Check it out at: 69win1
Bets10, huh? Feels familiar. 1338bets10con… is this a new mirror site? Gotta be careful with these. Let’s see if it’s legit. Always good to double-check the source. What the hey, giving it a spin: 1338bets10con