23.4 C
Colombo
Thursday, November 27, 2025

අද හවසට ගිගුරුම් සහිත වැසි

Published:

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img