24.5 C
Colombo
Wednesday, November 26, 2025

බෙහෙත් තුණ්ඩු ඩිජිටල් කරන්න අධිකරණයෙන් නියෝගයක්

Published:

අපැහැදිලි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීම නවතා දමා, වෛද්‍යවරුන් සියලුම බෙහෙත් තුණ්ඩු පැහැදිලිව විශාල අකුරින් ලිවිය යුතු බවට හෝ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමවේදයකට මාරු විය යුතු බවට ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ රෝගීන්ගේ ආරක්ෂාව මූලික කර ගනිමින්.

පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, විනිසුරුවරයෙකුට ඉදිරිපත් කළ වෛද්‍ය-නෛතික වාර්තාවක “එකදු වචනයක්වත් හෝ අකුරක්වත් කියවීමට නොහැකි” බවට නිරීක්ෂණය වීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

අධිකරණය නිර්දේශ කළේ, වෛද්‍ය විද්‍යාල විෂය මාලාවට පැහැදිලි අත්අකුරු පුහුණුව ඇතුළත් කළ යුතු අතර වසර දෙකක් ඇතුළත ඩිජිටල් බෙහෙත්පත් අනිවාර්ය කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ, වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ නොපැහැදිලි අත්අකුරු ගැටලුවක්ව පැවති අතර, එමගින් භයානක ඖෂධ දෝෂ ඇතිවීමට හේතු වූ බවයි.

ඉන්දීය වෛද්‍ය සංගමය මෙම තීන්දුව පිළිගෙන ඇති අතර, බොහෝ නාගරික වෛද්‍යවරු දැනටමත් ඩිජිටල් මෙවලම් භාවිත කළද, ග්‍රාමීය සහ අධික රෝගීන් සංඛ්‍යාවක් සිටින ස්ථානවල තවමත් අතින් ලියන ලද බෙහෙත්පත් සුලබව දක්නට ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img