Home Business ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින්

0
21
ඉන්දීය රුපියල්
ඉන්දීය රුපියල්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

කලාපයීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණන් මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මහ බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here