ICCය නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
ඒ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන්.
ඒ අනුව ඔහු 7 වන ස්ථානයේ සිට ස්ථාන 2 කින් මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.
එමෙන්ම එම තරගයේ දී අර්ධ ශතකයක් රැස්කළ කුසල් ජනිත්ද 11 වන ස්ථානයේ සිට 9 වන ස්ථානයට ඉදිරියට පැමිණ සිටිනවා.
විස්සයි20 පිතිකරුවන් අතර පළමු තැන ඉන්දියාවේ අභිෂේක් ශර්මාට හිමිව තිබෙනවා.
මේ අතර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර අංක එකට පත්ව සිටි ඉන්දියාවේ හර්දික් පාන්ඩ්‍ය අභිබවා පාකිස්තානයේ සයිම් අයුබ් පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.
ඔහු ජාත්‍යන්තර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගද මෙම කාණ්ඩයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 6 වන ස්ථානයට පැමිණ සිටිනවා.




8Dayvina – How much can you win in 8 days? Let’s play!! Here’s where to get started: 8dayvina
Alright mate! Just used 66betlogin the other day and had a right laugh. Site’s easy to navigate, and the games are decent. Give it a go, you might just win a quid or two! Check it out here: 66betlogin