31.1 C
Colombo
Friday, February 27, 2026

අපරාධ කල්ලි සාමාජික ටිංකර් දිවයිනට රැගෙන එයි

Published:

ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටිංකර් නැමැත්තා කටුනායක ගුවන්තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෑලියගොඩ පොලිසිය වෙත භාරදී තිබෙනවා.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශීරාන් නොහොත් කොච්චිකඩේ ශීරාන් නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙසයි පොලිසිය හඳුනාගෙන තිබුණේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී සහ පෑලියගොඩ දී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, ගිනි අවි ප්‍රවාහනය ඇතුලු බරපතළ චෝදනා රැසක් ඔහුට එල්ල වී තිබෙනවා.

දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,499FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img