මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඊයේ (26) රාත්‍රී 11ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බදුල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාලකරුවන් 6ක් බදුල්ල රෝහලේ සහ තවත් තුවාලකරුවන් 5ක් මහියංගනය රෝහලේ ප්‍රතිකාර බලමින් සිටින බව වාර්තා වනවා.
තුවාලකරුවන් අතර වයස අවුරුදු 10 ක කුඩා දරුවෙක් ඇතුලු පිරිමි පුද්ගලයන් පහක් සහ කාන්තාවන් හයක් සිටින බව ද පොලිසිය පවසනවා.
අනතුරින් වෑන් රථ රියැදුරු ද බරපතළ තුවාල ලබා තිබෙනවා.
අනතුරින් වෑන් රථයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර තුවාලකරුවන් ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.