29 C
Colombo
Sunday, October 12, 2025

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප

Published:

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප ලබා දී තිබෙනවා.

නාගරික ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වරාය මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2013 වසරේ මොරටුව නගර සභාව වෙත වෙන් කරන ලද රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන හිතවත් කොන්ත්‍රාත්කරුවන් අට දෙනෙකුට ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

සැකකරුට ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් සහ පනස්දාහක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයය නියම වුණා.

එම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එහි පළාත් පාලන කොමසාරිස්වරිය හරහා 2013 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img