30 C
Colombo
Sunday, October 12, 2025

තංගල්ල නිවසේ දී මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

Published:

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සහිත ලොරි තුනක් හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

තංගල්ල ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බව සඳහන්.

පොලිසිය සදහන් කළේ ලොරි රථ තුනෙහි තිබී අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල කිලෝග්‍රෑම් 705.91ක තොගයක් සොයාගත් බවයි.

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක තොගයක් වන බව සදහන්.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමති අපරාධකරුට අයත් බවටයි පොලිසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇති අතර රෝහල්ගතව සිටිය දී ඊයේ දිනයේ මියගිය පුද්ගලයා, උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවු උනාකූරුවේ තුසිත යන අය බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයින් දෙදෙනා ඇතුලු 6 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා සහ එක් ලොරි රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img