තංගල්ල – සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරු 2 ක් සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම ඔවුන් සමඟ සිටි තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් කිහිපයක් ද හමුවී ඇති බව සඳහන්.
සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතිනවා.