30 C
Colombo
Monday, September 29, 2025

බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

Published:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 34 ක්, පැතුම් නිස්සංක ලකුණු 22 ක්, නායක චරිත් අසලංක ලකුණු 21 ක් හා නොදැවී පන්දුවට පහරදුන් දසුන් ශානක ලකුණු 64 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mahedi Hasan කඩුලු 2 ක් හා Taskin Ahmed, Mustafizur Rahman එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

එහිදී Saif Hassan අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 61ක්ද, Towhid Hridoy ලකුණු 58ක්ද, නායක Litton Das ලකුණු 23ක්ද, රැස් කලා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුළු 02ක්ද, නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින්ද, දසුන් ශානක කඩුළු 02ක්ද දවාගත්තා.

තරගයේ වීරයා Saif Hassan.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය අනිද්දා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img