විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගොස් තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සාකච්ඡාව සඳහා සභාගි වී සිට ඇති අතර ඔහුට විරෝධය පළකරමිනුයි විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී ඇත්තේ.
විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවයි.