27.2 C
Colombo
Friday, February 27, 2026

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල පුස්තකාල තුළින් කාන්තාවන් රචිත කෘති ඉවත් කෙරේ

Published:

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල පුස්තකාල තුළ ඇති කාන්තාවන් විසින් රචිත කෘති තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් රචිත කෘති ඉවත් කිරීම තලෙයිබාන් සංවිධානයේ අරමුණ වනවා.

ඒ හරහා මානවහිමිකම් හා ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වන ඉගැන්වීම්ද ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශරියා විරෝධී හා තලෙයිබාන් ප්‍රතිපත්ති හේතුවෙන් කෘති 680ක් පමණ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර ඊට කාන්තාවන් විසින් රචිත කෘති 140ක් ද ඇතුළත්.

එමෙන්ම විශ්වවිද්‍යාලය තුළ තවමත් විෂයන් 18ක් ඉගැන්වීමට අවසර නොමැති බව තලෙයිබාන් සංවිධානය පවසනවා.

ඒවා ශරියා මූලධර්මවලට හා ප්‍රතිපත්තීන්ට පටහැනි බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෙම සතිය තුලදී ඇෆ්ගනිස්ථානයේ පළාත් 10ක පමණ අන්තර්ජාල සේවා තහනම් කිරීමට ද පියවර ගැනුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img