25 C
Colombo
Sunday, October 12, 2025

රුසියානු ජෙට් යානා එස්තෝනියා ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළුවෙයි

Published:

රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කකරනවා.

රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ තම ගුවන් සීමාවේ රැඳී සිට ෆින්ලන්ත බොක්ක හරහා ගමන්කළ බවයි එස්තෝනියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

මෙය ‘නිර්ලජ්ජිත’ ක්‍රියාවක් බවත්, තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම දැඩිව හෙළා දකින බවත් එස්තෝනියාව පවසනවා.

ඒ අනුව රුසියානු ජෙට් යානා තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එස්තෝනියාව නේටෝ සාමාජිකයින්ගෙන් උපදෙස් පතා තිබෙනවා.

කෙසේ වෙතත් රුසියානු ජෙට් යානා පැමිණීමත් සමග තම හමුදා සන්ධානය වහාම ප්‍රතිචාර දැක්වූ බවද එස්තෝනියාව පවසනවා.

කෙසේ වෙතත් රුසියාව එස්තෝනියානු ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img