26.1 C
Colombo
Saturday, February 28, 2026

දුනිත්ගේ පියාගේ අභාවය ගැන ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් සංවේගය පළ කරයි

Published:

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සිය සංවේගය පළකර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන හිටපු නායකයෙකු වන මොහොමඩ් නබි සිය ‘X’ ගිණුමේ දුනිත් සහ ඔහුගේ පියා එක්ව සිටින ඡායාරූපයක් පළකරමින් ‘ශක්තිමත්ව සිටින්න සහෝදරයා” යනුවෙන් පවසමින් දුනිත්ගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළ කර සිටියා.

බංග්ලාදේශ විස්සයි20 නායක ලිටන් දාස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙන්නැයි තමන් දෙවියන්ගෙන් අයැද සිටින බවයි.

මීට අමටරව බංග්ලාදේශ ක්‍රීඩකයන් වන ටස්කින් අහ්මඩ්, තව්හිද් රිදෝයි ඇතුළු කිහිප දෙනෙකුම ශෝකය පළකර තිබුණා.

දුනිත්ගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට දුනිත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩාකරමින් සිටියා.

ඒ අනුව, දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියා.

ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද පැමිණ සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,501FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img