ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ පන්දුවාර 18.4 අවසානයේ කඩුළු 4ක් දැවියාමෙන් ලකුණු 171ක් රැස් කරමින්
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
එහිදී, Rahmanullah Gurbaz ලකුණු 14ක්ද, Sediqullah Atal ලකුණු 18ක්ද, Ibrahim Zadran ලකුණු 24ක්ද, Karim Janat එක් ලකුණක්ද, Darwish Rasooli ලකුණු 09ක්ද, Azmatullah Omarzai ලකුණු 06ක්ද, නායක Rashid Khan ලකුණු 24ක්ද, ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රැස් කළා.
Mohammad Nabi ලකුණු 60ක් රැස් කළ අතර, අවසන් පන්දුවාරය වූ දුනිත් වෙල්ලාලගේගේ පන්දුවාරයේදී ඔහු විසින් හයේ පහර 05ක් එල්ල කළා.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුළු 04 ක්, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස් කළා. කුසල් පෙරේරා ලකුණු 28 යි. නායක චරිත් අසලංක ලකුණු 17 ක් , කමිඳු මෙන්ඩිස් ලකුණු 26 ක් රැස් කළා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman ලකුණු 42 කඩුළු 1ක්, Mohammad Nabi ලකුණු 20 කඩුළු 1ක් ද දවා ගත්තා.
තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්.
මේ ජයග්‍රහණයත් සමඟ මූලික වටයේ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ පෙරමුණ ලබාගෙන ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායමද සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත්තා.