සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් රුපියල් ලක්ෂ 11 අධික වටිනාකමකින් යුක්ත රන් භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය සිදු කරන විමර්ශන සදහා මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (18) නියෝග කළා.
රන් භාණ්ඩ උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් කොට්ඨාසය නව විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා සිටියදී පාතාලයේ ප්‍රබලයන් බව පැවසෙන වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බවට සැකකරුට චෝදනා ගොනු කර තිබුණා.