30 C
Colombo
Monday, September 29, 2025

එයා ඉන්දියා ගුවන් අනතුර – බෝයිං සමාගමට නඩු

Published:

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මියගිය ගුවන් මගීන් සිවු දෙනෙකුගේ පවුල්වල සමාජිකයින් විසින් බෝයිං සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

බෝයිං සමාගමට මෙන්ම ගුවන් යානා කොටස් නිෂ්පාදිත සමාගමක් වන හනීවෙල් සමාගමට එරෙහිව ද ඔවුන් මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන්.

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන්හි ගැට්වික් ගුවන් තොටුපොළ බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් සමාගමේ මගී ගුවන් යානයක් ගුවන් ගත කර සුළු වේලාවකින් කඩා වැටී අනතුරට ලක්වුණා.

එහිදී යානයේ සිටි එක් මගියෙකු හැරුණු විට එහි සිටි සියළුම මගීන් හා කාර්යමණ්ඩලය මෙන්ම යානය කඩා වැටුණු ප්‍රදේශයේ රැදී සිටි පුද්ගලයින් ඇතුළු 260කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img