මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසනවා.
වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7 වන දින අවසන් වූ අතර ඔහු එම ධූරයට පත් වුණේ 2005 වසරේ දී.
දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10 ක්.
වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ මුල් වරට තේරිපත් වීමෙන් අනතුරුව නැවත වරක් දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වුණා.