30 C
Colombo
Monday, September 29, 2025

මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

Published:

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබෙනවා.

2025 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය හිමිව තිබෙන අතර 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාව විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ 96 වන ස්ථානයේ පසුවුණා.

ශ්‍රී ලංකාව සමග ඉරානය ද මෙම දර්ශකයේ 97 වන ස්ථානයේ රැඳී සිටිනවා.

පුර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය හැකි ගමනාන්ත පදනම් කරගනිමින් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලොව පුරා විදෙස් ගමන් බලපත්‍ර ඇගයීමට ලක් කරනවා.

මෙම දර්ශකයට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රට බවට සිංගප්පූරුව පත්ව ඇති අතර දකුණු කොරියාව සහ ජපානය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවනවා.

දර්ශකයේ පහළම ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img