ඉන්ධන ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු අද (17) ආරම්භ කරමින්.
කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඝන මීටර 15,000ක ටැංකි 03 ක්, ඝන මීටර 7000ක ටැංකි 02ක් සහ ඝන මීටර 5000ක ටැංකියක් ඇතුළු ගබඩා ටැංකි 06ක ඉදිකිරීමේ කටයුතු මෙසේ ආරම්භ කෙරුණා.
බලශක්ති කේෂ්ත්‍රයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ආර්ථික ස්වාධිපත්‍යයක් ළඟා කර ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ප්‍රගතිශිලී පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටියා.
ඉදිරියේදී ත්‍රිකුණාමලයේ රජය සතු තෙල් ටැංකි 24ක නවීකරණය කර භාවිතයට ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුම් නිසි දිනට ආරම්භ කර නිම කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසුවා.
කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඛනිජ තෙල් ගබඩා ටැංකි හයක් ඉදිකිරීම සඳහා M/s Indo East Engineering – Ceylex Engineering JV ආයතනය වෙත රුපියල් බිලියන 3.7ක සම්පූර්ණ මිලකට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙනවා.
කොන්ත්‍රාත් කාලය මාස 24ක් වන අතර, ව්‍යාපෘතිය 2027 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතයි.