අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ දෙසැම්බර් 02 දක්වා රඳවා තබාගෙන විමර්ශන සිදුකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (17) පොලිසියට අවසර ලබාදුන්නා.
ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අතර ඔවුන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.