සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන කටයුතු ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්යය කිරීමට තීරණය කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ මෙම තීරණය ප්‍රධාන සාධක හයක් මත පදනම්ව ගෙන ඇති බවත් කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් කරන වාහන සඳහා පිටත්වීමට පෙර මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්යය බවයි.
බස් රථ පමණක් නොව විනෝද චාරිකා, විශේෂ චාරිකා සඳහා යන බස් රථ සහ මගීන් 10ක් 20ක් පමණ රැගෙන යන වෑන් රථ සඳහාද මෙම යෝග්‍යතා සහතිකය අනිවාර්යය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම පරික්ෂාවන් මහා පරිමාණ පරීක්ෂාවන් නොව, ටයර්, පැති කන්ණාඩි සහ තිරිංග වැනි අත්‍යාවශය පරීක්ෂා කිරීම් මෙයට ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.