අධිකරණ පද්ධතියට මහජනතාව විසින් කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම අද ( 10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු වුණා.
ඒ අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් .
මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් කාඩ්පත් මගින් හා මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා අන්තර්ජාලය මගින් සිදුකිරිමට මහජනතාවට පහසුකම් සැලසෙනවා.
නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී DEBIT සහ CREDIT කාඩ් මඟින් ගෙවීමේ පහසුව අද සිට ලබා දී තිබෙනවා.