ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කරගැනීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර, ප්‍රතිසාධනය කරගනීමේ උත්සාහය ඓතිහාසික හා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව අතිශයින් විශාල බව ලෝක බැංකු වෙබ් අඩවිය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 8%කට ආසන්න මූල්‍ය ගැලපීමක් වසර තුනක් තුළ සිදු කර ඇති අතර, එය ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපීම්වලින් එකක් ලෙස සැලකෙනවා.
කෙසේ වෙතත්, මෙම මූල්‍ය ක්‍රියාමාර්ග ජනතාවට පීඩනයක් ඇති කර තිබෙන බවත්, ඊට හේතුවී ඇත්තේ ඉහළ වක්‍ර බදු, රාජ්‍ය අංශයේ සැබෑ වැටුප් අඩුවීම සහ අඩු වූ රාජ්‍ය ආයෝජන හේතුවෙන් ආර්ථිකය මන්දගාමී වීම බව මෙම වාර්තාවේ සඳහන්.