නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති ප්‍රචණ්ඩ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සහ අනෙකුත් අමාත්‍යවරුන් සිය තනතුරුවලින් අද ඉල්ලා අස් වුණා.
කෙසේ වෙතත් ඉන් සෑහීමකට පත් නොවූ අගනුවරට රැස්වූ Gen z විරෝධතාකරුවන් රජයේ කාර්යාල සහ අගමැතිවරායාගේ සහ අනෙකුත් දේශපාලන නායකයින්ගේ නිවාස ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතාකරුවන් විසින් ඇමතිවරුන්ගේ නිවෙස්වලට එල්ල කරන ලද ප්‍රහාර මධ්‍යයේ නේපාල හමුදාව හෙලිකොප්ටර් මගින් ඔවුන් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව කත්මණ්ඩු පෝස්ට් වාර්තා කරනවා.
ඉහළ පෙළේ නිලධාරීන්ට හමුදා බැරැක්කවල ආරක්ෂාව සපයන බැවින්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආරක්ෂාව සඳහා හමුදාව ද යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී පරිශ්‍රයේ පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තැබූ බව සඳහන්.
විරෝධතාකරුවන් ජනාධිපති රාමචන්ද්‍ර පෝඩෙල්ගේ පෞද්ගලික නිවසට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
අගමැතිවරයා රටින් පලා යාමේ සූදානමක් පිළිබඳව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වහාම ක්‍රියාත්මක වන පරිදි වසා තිබෙනවා.