තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසරක සිර දඬුවමක් නියමකර තිබෙනවා.
එම සිර දඬුවම නියම කර ඇත්තේ රාජ්‍යයට බලපාන තීරණාත්මක නඩුවකින්.
වසර 15ක පිටුවහල් ජීවිතයකින් පසු තායිලන්තයට අනපේක්ෂිත ලෙස නැවත පැමිණීමෙන් පසු, 76 හැවිරිදි තක්සින්, වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් 2023 දී වසර අටක සිර දඬුවමකට යටත් කෙරුණා.
රජු විසින් ඔහුගේ සිර දඬුවම වසරක් දක්වා අඩු කරන ලද අතර, පසුව ඔහුගේ වයස හේතුවෙන් ඔහු කළින් නිදහස් කර තිබෙනවා.
චෝදනාවල බරපතලකම තිබියදීත්, හිටපු අග්‍රාමාත්‍යවරයා කිසි දිනෙක සිරගෙදර ගත නොකළ අතර සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රෝහලේ රැඳී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.